ශවේන්ද්‍ර මගේ පණ වගේ – සජිත් කියයි

0
600

ඒකිය රාජ්‍යක් තුළ ශක්තිමත් රටක් නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (26) පස්වරුවේ හෝමාගම පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහුරුකරන ජන රැළියක් ඊයේ පස්වරුවේ හෝමාගමදි පැවැත් විය.

විදේශ රටවලට අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා “අපේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ඇප කැප වුණු ශවේන්ද්‍ර සිල්වා අභීත රණවිරුවාණන්ව,මම මගේ පනට වඩා ආරක්ෂා කරමින් අපේ රටේ හමුදාපති ලෙස එතුමාව ඉදිරියටත් තබා ගන්න කටයුතු කරනවා.

රට දැය වෙනුවෙන් කැප කිරීම් සිදු කළ සෑම රණවිරුවෙක් වෙනුවෙන්ම මම පෙනී සිටිනවා. අපේ රට සිදු කළ යුතු දේ පිළිබඳව පිට රටවල්වලින් උපදෙස් ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ.කිසිවෙකුගේ බලපෑම් වලට යටත් වෙන පුද්ගලයෙක්නෙවෙයි මේ සජිත් ප්‍රේමදාස කියන්නේ.

මට අපේක්ෂකත්වය ලබාදෙන මොහොතෙත් විවිධපුද්ගලයින් බලපෑම් කරන්න ආවා. නමුත් මම ඒ මොහොතෙත් ප්‍රකාශ කළේ කොන්දේසි විරහිතවදෙනවා නම් දෙන්න, එහෙම බැරිනම් තියාගන්න කියලා. මම කිසිම බලපෑමකට යටත් වන්නේ නැහැ.මම කිසිම කණ්ඩායමක් සමග පොලිටිකල් ඩීල් දානපුද්ගලයෙක් නෙවේ.

වෙනත් අපේක්ෂකයින් වගේ බලය ලබා ගැනීමට තිබෙන කෑදරකම නිසා රටත්,ජනතාවත් පවා දෙන පුද්ගලයෙක් නෙවෙයි මේ සජිත් ප්‍රේමදසා කියන්නේ.

අවුරුදු පහක් පමණ රට පාලනය කළ ඔලුගෙඩි ටිකමයි,ඉදිරියටත් රට පාලනය කරන්නේ කියලා,සමහරු ජනතාව නොමග යැවීම සඳහාප්‍රකාශ නිකුත් කරනවා.

මම යන්නේයල්පැන ගියගමනක් කියාකවුරුන් හෝ හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම ගමනක් යන්නටමමසූදානම් නැහැ.

දූෂණය, වංචාව, කොමිස් ලබා ගැනීම, නාස්තිය, ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍යජාවාරම, මිනීමරු සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කරමින් උඩු යටිකුරු කළ විප්ලවයක් ඇතිකර පිරිසිදු නායකත්වයක් සහ පිරිසිදු කණ්ඩායමක් සමග පොදු ජනතාවට සාධාරණය සහ සහනහිමිවන දෑත් පිරිසිදු ජනතාවාදී ගමනක් අප ක්‍රියාත්මක කරන්නේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here