ikman.lk හි Top Ads සහ Daily Bump Upsසේවාව මගින් විකිණීම් වේගය ඉහළට

0
55

ශ‍්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල වෙළඳපොල වන ikman.lk වෙතින් ඔබගේ විකුණුම් අවස්ථාවන්ට උපරිම අලෙවියක් ලබා දීම සඳහා Top Ads සහ Daily Bump Up‍˜ නව අලෙවිකරණ ප‍්‍රවර්ධන අවස්ථාවන් මගින්, ඉහල පෙළේ අලෙවිකරණ අවස්ථාවන් උදාකර ගැනීමට පහසුකම් ලබා දී ඇත.

ikman.lk වෙබ් අඩවියට තුල නිරන්තරයෙන් දැන්වීම් ලක්ෂ දෙකකට අධික ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙවන් විශාල අන්තර්ජාල වෙළඳපොළක් තුළ විකුණුම් කරුවන්ගේ පහසුව සඳහාත් ඔවුන්ට වැඩි ප‍්‍රතිලාභ අත්කර දීම සඳහාත් Top Ads සහ Daily Bump Up‍˜වැනි ප‍්‍රවර්ධන විකල්පයන් ඉදිරිපත් කර ඇත. මේ හරහා දැන්වීම් ලැයිස්තු තුල ඉතා කුඩා ගාස්තුවකින් විශාල ගැනුම් කරුවන් පිරිසකට තම දැන්වීම පෙන්නුම් කිරිමට අවස්ථාව සැලසේ. ඒ අනුව Top adds සහ Daily Bump Up‍ ප‍්‍රවර්ධන විකල්පය මගින් දිනෙන් දින වේගයෙන් වර්ධනයවන ගනුදෙනුකරුවන් අතර වේගවත් අලෙවියක් ලබා ගැනීමේ අවසථාව සැලසේ.
‘Top Add භාවිත කර පල කරනු ලබන දැන්වීම්, වර්ගීකරණය කර තිබෙන දැන්වීම් ලැයිස්තු තුල ගනුදෙනුකරුවන්ගේ වැඩි අවධානය යොමු කර වීම සඳහා කහ පැහැයෙන් ඉස්මතු කර ලැයිස්තුවේ ඉහළින්ම පෙන්නුම් කරනු ලබයි. සෑම Top Add දැන්වීමකටම සමාන අවස්ථාවන් හිමිවන අතර දින 15ක් දක්වා සෑම දිනකම පල කරනු ලබයි. මේ හරහා විකුණුම් කරුවන්ට දහස් ගණනක අතිරේක ප‍්‍රතිචාරයක් හිමිකර ගැනීමට අවස්ථාව හිමිවේ.

Daily Bump Up‍ විකල්පය හාවිතා කරනු ලබන දැන්වීම්, වර්ගීකරණය කරන ලද දැන්වීම් ලැයිස්තු තුල සාමාන්‍ය දැන්වීම් වලට වඩා දින 15ක් දක්වා සෑම දිනකම ලැයිස්තුවේ ඉහළින් පෙන්නුම් කෙරේ. ඒ අනුව Daily Bump Up‍ දැන්වීම් සෑම දිනකම ස්වයන්ක‍්‍රියව සාමාන්‍ය දැන්වීමකට වඩා පස් වතාවක් දැන්වීම් ලැයිස්තුවේ ඉහළින් දිස් වෙයි.

Top adds සහ Daily Bump Up‍ ප‍්‍රවර්ධන විකල්ප භාවිත කරමින් අලෙවි වේගය වර්ධනය කර ගැනීමට කැමති විකුණුම් කරුවන්ට දැන් ikman.lk වෙබ් අඩවියෙහි ‘‘ ඔබේ දැන්වීම පලකරන්න ‘‘ යන ස්ථානය සලකුණු කර සෘජුවම ගෙවීම් පිටුවට ගමන් කල හැක. එවිට Top adds සහ Daily Bump Up‍ විකල්ප ප‍්‍රවර්ධන අවස්ථාවන් දෙකෙන් කැමති අවස්ථාවක් තෝරාගෙන වේගවත් අලෙවියක් ලබා ගැනීමට ඔබට අවස්ථාව සලසා ඇත.

මීට අමතරව, තනි ගෙවුම් විකල්පය මඟින් දැන්වීම්කරුවන්ට ඔවුන්ගේ දැන්වීම් සඳහා ඉක්මන් ප‍්‍රතිචාර ලබා ගැනීමේ හැකියාව ඇත. අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කරනු ලබන දැන්වීම් වහාම ප‍්‍රකාශයට පත් කරනු ලබන අතර නොබැඳි ගෙවීම් සඳහා සමාලෝචනයකින් අනතුරුව අනුමත කිරීම් සිදු කෙරේ.

මෙම දැන්වීම් ප‍්‍රවර්ධන ක‍්‍රමවේදයන් පිළිබඳවikman.lk වෙළඳ කළමනාකරු එල්මෝ ශන්මුගම් මහතා මෙසේ පැවසිය.‘‘ ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන අන්තර්ජාල වෙළඳපොළ ලෙස, ikman.lk අපි විකුණුම්කරුවන්ගේ දැන්වීම් උපරිමයෙන් ගනුදෙනු කරුවන්ගේ අවධානයට ලක් කරවීම සඳහා සහයෝගය ලබා දීම ප‍්‍රමුඛතම කාර්යක් බව අවබෝධ කර ගෙන සිටිනවා. ඒ අනුව ඉදිරිපත් කර තිබෙන Top adds සහ Daily Bump Up‍ දැන්වීම් ප‍්‍රවර්ධන විකල්ප අවස්ථාවන් මගින් දහස් ගණනක ගැනුම්කරුවන්ගේ අවධානය දිනා ගනිමින් ඉක්මනින් තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. මේ හරහා විකුණුම් කරුවන්ට වැඩි ප‍්‍රතිචාරයන් සහ එම නිෂ්පාදන පිළිබඳව උනන්දුවක් දක්වන පිරිසකගේ වැඩි අවධානය දිනා ගැනීමේ හැකියාව උදා වනවා. එසේම මෙම විකල්ප දෙක සඳහාම තනි ගෙවීමේ ක‍්‍රියාවලියක් පැවතීම විකුණුම් කරුවන් ලබන තවත් ප‍්‍රතිලාභයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here